Searching...

Emergency Exit



බීමතින් උතුර දකුණ මාරු වී ගුවනේදී යානයක දොර ඇරීමට දැඟලු කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අපූරු නිදහසට කාරණාවක් කියා තිබේ.

එනම් තමා කුඩා කාලයේ සිටම හීනෙන් ඇවිදින බවත් එදින ගුවන් යානයේදීද හීනෙන් ඇවිද්ද බවත්ය.

දිවයින පුවත්පතට ප්‍රකාශයක් කරන රමිත් රඹුක්වැල්ල මෙසේ කියයි.

"කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිඛෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක් බීමතින් නොවේ. සිද්ධිය පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි කියලා මට තේරුම් ගියේ පස්සේ... ඊට කලින් දවසේ අපි හොඳටම නිදිවරලා හිටියේ. අනික ගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් මම මී හරකෙක් නෙමේ."

මේ සම්බන්ධයෙන් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ "මේක සුළු සිද්ධියක්. යානයේ පසුපස දොරත්, වැසිකිළි දොරත් අතර දුර මීටර් දෙකක්වත් නෑ. ඕනෑ කෙනකුට මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්. මීට පෙරත් මේවගේ සිදුවීම් වෙලා තිඛෙනවා සහ ඉදිරියටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්" කියා ය.

කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බලුනේ


0 comments:

Post a Comment

 
Back to top!